සිවිල් සංවිධාන නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉල්ලයි


(නිමල කොඩිතුවක්කු)

දින වකවානු සඳහන් කරමින් නිශ්චිත කාළ සීමාවක් තුළදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්  කළ යුතු බවට වන ප‍්‍රබල ඉල්ලීමක් සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත ඉදිරිපත් කර තිබේ.

වර්ෂ 2015 දී යහපාලනය සඳහා වූ ජාතික රජය පිහිටුවීමට ප‍්‍රබල දායකත්වයක් දැක්වූ සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් ඉදිරිපත් කර තිබෙන ඉහත යෝජනාවට අනුව නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර ඉන් ඉහළම ස්ථානයේ සිටින්නේ කතානායක කරූ ජයසූරිය මහතායි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වන සිවිල් සංවිධාන යෝජනාව එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා වෙත සදුදා (16)  නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.