(ෂේන් සෙනවිරත්න)
රජය විසින් ගෙන යනු ලබන මර්දනකාරී වැඩ පිළිවෙළට විරෝධය දක්වමින් මහනුවර සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කොට තිබූ විරෝධතාවයක් අද (14 ) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට දළදා වීදියේ දී පැවැත්විණි .
මහනුවර විවිධ සමිති සමාගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එහිදී රජයට බලකර සිටියේ නිරෝධායන නීති අවභාවිතා කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නවතා දමන ලෙසත් මාධ්‍ය ආයතන වලට සිදුකරන තර්ජන හා බලපෑම වහාම නවතන ලෙසත් ය .