(යොහාන් භාසුර)
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (1) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අළෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

