සිරිල් වසන්තට ඇප



(නිමන්ති රණසිංහ)

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සිරිල් වසන්ත නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය.

එමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු වන  ධානිශ් අලී නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට  කරුණු ඉදිරිපත් කළේය .

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 26 වන දිනට වාර්තා කරන ලෙසට කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.