සිරකරුවන් වැඩිවෙලා: බන්ධනාගාරෙ ඉඩත් නැතිවෙලා


(ඉන්දිකා  රාමනායක සහ යොහාන් භාසුර)

2023    ආරම්භයත් සමගම  දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම  විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණයේ  සියයට දෙසියකින්  සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි

දැනට බන්ධනාගාරවල රඳවා සිටින සමස්ත රැඳවියන් 29000ක් බව   බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුළ සත්‍ය වශයෙන් රැදවිය හැකි ප්‍රමාණය 13241 වුවත්, දැනට බන්ධනාගාර ආයතන වල රැදවියන් 19000 ක‍ට ආසන්න ප්‍රමාණයක් සැක කරුවන් ලෙසත්, 10000 ක‍ට ආසන්න ප්‍රමාණයක් සිර කරුවන් ලෙසත්, රඳවා සිටින බව හෙතෙම පැවසීය.

 ඒ අනුව, සමස්ථ බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැදවියන්ගේ තදබදය හා බන්ධනාගාර ගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව පෙනී යන බවද හෙතෙම පැවසීය.