
(සුජිත් හේවාජුලිගේ)
සිරකරුවන් සම්බන්ධයෙන් වන අනීතික ක්‍රියා වැළැක්වීමේ පියවරක් ලෙස දිවයින පුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම ස්ථාපනය කරන්නැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ඉල්ලීමක් කරයි
ලෝකයේ වෙනත් රටවල එවැනි පැහැදිලි දත්ත පද්ධතියක් ස්ථාපනය කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එවිට ඕනෑම අත්‍යාංශයකට එම දත්ත පැහැදිලිව ලබාගත හැකි වනු ඇති බව පැවසූ මහානාමහේවා මහතා ජනාධිපති කාර්යාලය අධිකරණ අමාත්‍යාංශය අද පිළිගන්නේ බන්ධනාගාර අධිකාරිවරයා දෙන සිරකරු වාර්තාව බවද ප්‍රකාශ කළේය.
සිරකරු සමාව ලබාදීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළ කළේය
බොහෝ විට මරණ දඬුව වැනි බරපතළ වැරදිවලට වරදකරුවන් වූ පුදගලයන් හට ජනාධිපති සමාව හිමි වන අතර දඩ ගෙවා ගත නොහැකි, සුළු වැරදි සඳහා සිරගත වූ හෝ යහපත් කල් ක්‍රියාව අනුව පොදු සමාව ලබා දීමේ ක්‍රමවේදයක්ද මෙරට ක්‍රියාත්මක වෙනවා
බන්ධනාගර ආඥා පනත යටතේ පොදු සමාවක් දෙනවා. ඒකත් බන්ධනාගාර අධිකාරීවරයා යවන්න ඕනේ අධිකරණ අමාත්‍යංශයට. ඒ නඩු වාර්තා ඔක්කකොම එක්ක. ඒ ඔක්කොම බලලා නැවත නීතිපතිවරයාගෙන් විමසලා, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ සහිතව ඒක යවන්න ඕනේ ජනාධිපතිවරයාට. නැවත ජනාධිපතිවරයා බලලා එවන්න ඕනේ. ඉතින් මේ විදිහට නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් ක්‍රියාත්මක වෙච්ච එකක්.
මරණ දඬුවම, අධිකරණයට අපහාස කිරීම, ස්ත්‍රී දූෂණ වගේ ඒවායේදී එක් කෙනෙකුට, දෙන්නෙකුට තමයි මෙතක් කල් ජනාධිපති සමාව දීලා තියෙන්නේ. පොදු සමාව තුන් සියයකට හාර සියයකට ලැබෙන දෙයක්. එතකොට අර වගේ බරපතළ තත්වයකට යන්න බැහැ නේ. ජනාධිපති සමාව සහ පොදු සමාව අතර වෙනස්කම එ් විදියයි.
ජනාධිපති සමාව ලබා දීමට ඇති නිර්ණායක පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන්ව නැහැ. එහෙත් පොදු සමාව ලබා දීමේදී බන්ධනාගාර දෙපාර්තුමේන්තුව යම් නිර්ණායක අනුගමනය කරනවා
1978 ව්‍යවස්ථාවේ 34 - 1,2,3 හි තමයි සමාව දීම තියෙන්නේ. මේකේ කිසි ම නිර්ණායකයක් මේ මේ වගේ වෙන්න ඕනේ කියලා නෑ. එකම දේ නීත්‍යනුකූල කොන්දේසි මත සමාව දෙන්න පුළුවන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී කියවෙන්නේ. එකම වරදට තුන් හතර දෙනකු සම්බන්ධ වෙලා තියෙන අවස්ථා තියෙන්න පුළුවන්නේ. එවැනි අවස්ථාවක ප්‍රධාන වරදකරුවන් කීප දෙනෙකු හරි, අපරාධ සහායකයෙකුට හරි සමාව දෙන්න පුළුවන්. ඒ හැර ව්‍යවස්ථාවේ නිර්ණායක නැහැ.

