සියළු පක්ෂ සමග සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීමේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සියළු පක්ෂ සමග සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීමේ අගය අග්‍රාමාත්‍යවරයා කිව්වත්  වැදගත් වන්නේ ඒ චේතනාව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් සහ හැසිරීමෙන්ද පෙන්වීම බව සමගි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසීය.

විපක්ෂ නායක,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් ඇතුළු සියලු විපක්ෂ බලවේග රට වෙනුවෙන් සහයෝගයෙන්  වැඩකිරීමේ චේතනාව ප්‍රකාශ කර තිබුණ බව කී බාකීර් මාකර් මහතා එසේ  තිබියදීත්, රජය පාර්ශවයෙන් සර්ව පාක්ෂික සහභාගීත්වය සඳහා කටයුතු කළේ කොහොමදැයි ප්‍රශ්න කළේය.

අද යහපත් චේතනා ගැන කථා කරමින්, වැරදි තීන්දු තීරණ උද්ධච්ච හැසිරීම් තුලින් රට ඓතිහාසික අගාධයකට ඇද දැමූ  වගකිව යුත්තන්ට හුස්ම ගන්නට කෙටි විරාමයක් ලබාදීමේ ජවනිකාවක් රඟ දක්වමින් සිටින බවද  බාකීර් මාකර් මහතා කීය.