සියලුම මගී ප්‍රවාහන බස්වලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි


(යොහාන් භාසුර)

කාන්තා සහ ළමා හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව ද අමාත්‍යවරිය කීවාය.