
( නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා ඇතුලු සියලුම දුම්රිය වාරයන් හෙට (25) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලුම දුම්රිය සේවාවන් පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ධාවනය වන බවද ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සුඛෝගබෝගී දුම්රිය සේවාවන් සහ දුම්රිය මගින් පාර්සල් ඇතුලු භාන්ඩ ප්‍රවාහන සේවාවන්ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගි සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවගේ පහසුව සඳහා සෞඛ්‍ය නිර්දේශ අනුව මෙලෙස සියලු දුම්රිය ගමන්වාර ආරම්භ කිරීමට පියවර ගත් බවද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

