(සුජිත් හේවාජුලිගේ )
සියලු ත්‍රිවිධ හමුදා රෝහල්වලදී අද(5) දවස පුරා ජනතාවට එන්නත් ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව වයස 30ට වැඩි පුද්ගලයන්ට බස්නාහිර පළාතේ නාරාහේන්පිට , වේරහැර, පනාගොඩ ගුවන්පුර හා වැලිසර යන ත්‍රිවිධ හමුදා රෝහල්වලදී අද උදේ 8:30 සිට සවස 4.30 දක්වා එන්නත් ලබාදීම සිදුකරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙයට අමතරව වයස 60 ට වැඩි පුද්ගලයන්ට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, දියතලාව, අනුරාධපුර,කටුනායක , ගාල්ල කොටුව හා මාතර නිල්වලා යන යුද හමුදා කඳවුරුවලදී එන්නත් ලබාදීම අද දින සිදු කෙරේ.
ඕනෑම අයෙකුට මේ ස්ථානවලට පැමිණ එන්නත් ලබා ගත හැකි බව පැවසූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා මෙම පියවර ගත් බවද පැවසුවේය.

