(කාංචන කුමාර ආරියදාස)
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියෝ අද (26) දින පෙරවරුවේ හදිසියේ අපවත් වූ බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ සංඝ සභාව දන්වා සිටිති.
අපවත් වන විට උන්වහන්සේ 60 වන වියෙහි පසු වූහ.
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ සංඝ සභාවේ අනු නායක ධූරයෙන් සීගිරි කස්සප මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයෙන් මෙන්ම දඹුල්ල සාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී දුරයෙන් මෙන්ම රංගිරි පාය රජ මහා විහාරස්ථ විහාරාධිපති ධුරයෙන් ද උන්වහන්සේ පිදුම් ලැබ සිටියහ.
රංගිරි දඹුලු රජමහ විහාරස්ථරංගිරි පාය රජමහ විහාරස්ථානයේ වැඩ සිටි උන්වහන්සේ හදිසියේ හෘදයාබාධයක් වැළඳීමෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුහ.
ප්‍රතිකාර ලබමින් සිටියදී අද අපවත් වී තිබේ.
අනුනාහිමියන්ගේ දේහය රංගිරි දඹුලු රජමහ විහාරස්ථ රංගිරි පාය රජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.