සියම් නිකායේ පා ගමනට ආ අමුත්තා


(ෂේන් සෙනෙවිරත්න)

දින පහක් තිස්සේ කිලෝ මීටර් 150 දුර ගෙවා ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා පැමිණි පා ගමනට විශේෂ අමුත්තෙක් සහභාගී වූ පුවතක් වාර්තා වේ. ඒ නමක් නොදන්නා බලු සුරතලෙකි.

සියම් දේශයේ සිට උපසම්පදා විනය කර්මය මෙරටට ගෙනවිත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් සියම් දේශයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් ඇතුළු විශේෂ දූත කණ්ඩායමක් මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයට පැමිණ එතැන් සිට මහනුවර දක්වා පා ගමනින් වැඩම කළ එම භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත කණ්ඩායම සමග මෙම බලුසුරතලා ද එක් විය.  

ත්‍රිකුණාමලයේ සිට මෙම දූත කණ්ඩායම සමඟ එක් වී ඇති බලු සුරතලා  දූත පිරිස නවතින ස්ථානවල නැවතී යළි  මහනුවරට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාව අසලටද පැමිණ භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත පිරිස මල්වතු අස්ගිරි මහාවිහාර යන්ට ගිය අවස්ථාවේදී ද එම සුනඛයා ඊට ද සහභාගි වන අයුරු දක්නට ලැබුණි .

එම දූත පිරිසේ සාමාජිකයන් එම සුනඛයාට අප්‍රමාණ සෙනෙහසක් දක්වමින් සුනඛයාගේ පාද තවමින් සාත්තු සප්පායම් කරන අයුරු අයුරුද දක්නට ලැබුණි .