සිමෙන්ති - ටයිල් - තීන්ත මිල අඩුකරන්න සාකච්ඡා


(යොහාන් භාසුර)

සිමෙන්ති, ටයිල් සහ තීන්ත මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් අත්‍යවශ්‍ය නොවන මෙම භාණ්ඩවල මිල අඩු විය යුතු බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම භාණ්ඩවල වෙළෙඳපොළ මිල අඩු කිරීම තුළින් ජනතාවට සහන ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.