(නිමන්ති රණසිංහ)
මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී මහා මාර්ගයේ ඇද වැටීමෙන් රෝහල් ගත කරනු ලැබ ඇත.
ප‍්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා වන උපාලි ජයසිංහ මහතා ඊයේ සවස 5.00ට පමණ කුරුදුවත්ත ප‍්‍රදේශයේ මහාමාර්ගය අසලදී මෙසේ ඇද වැටී තිබේ.
මේ වන විට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සදහන් ඥතිහූ සඳහන් කරති.

