සිදූව පොලිසියේ සැරයන්වරයකුගේ මාමණ්ඩිය දිවියට සමුදෙයි


(සීදූව - වී.ඒ. නිශ්ශංක)

සීදූව පොලීසියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.ජී.එල්. ගුණසිරි මහතාගේ මාමණ්ඩියා වූ  සීදූව අමන්දොලුවේ පදිංචිව සිටි එම්.කේ.අයිවන් මහතා ඊයේ (2) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 68 වන වියේ පසුවූ එම්.කේ.අයිවන් මහතා සමාජ සේවකයෙක් ද වෙයි.

එම්.කේ.අයිවන් මහතා ඩබ්ලිව්.ඒ.රංගිකා මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර කටුනායක ඉසබෙලා ගාමන්ට් ආයතනයේ සේවා නියුතු එම්.කේ. ෂානක දිල්ශාන් සහ එම්.කේ.ඩී. ෂානිකා දිල්රුක්ෂී යන අයගේ පියාණන් ද, පොලිස් සැරයන් ඩබ්ලිව්.ජී.එල්. ගුණසිරි, චන්ද්‍රිකා පත්මිණි යන අයගේ මාමණ්ඩියා ද වෙති.

අවසන් කටයුතු සීදූව ලියනගේමුල්ල පොදු සුසාන භූමියේ දී  4 වන සෙනසුරාදා පස්වරු හතරට සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය මේ වන විට අංක 187/3බී තොටුපල පාර අමන්දොලුව, සීදූව නිවසේ තැන්පත් කර ඇත.