සිංහරාජ හෝට⁣ලේ⁣ ගැටලුව ඇමැතිට


(ඩයනා උදයංගනී)

හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇතැයි කියන සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාවය පිළිබඳ පුර්ණ විමර්ශණයක් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම අක්කර හතක ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ එය කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම බව කී ඇමතිවරයා එම ඉඩමට අමතරව තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන් කරයි.

එම ඉඩමේ වටිනා ගස් තිබුනි නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී ඇතැයි කී ඇමතිවරයා එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ද ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව තහවුරු කර ඇතැයි සඳහන් කරයි.

මෙම ඉඩමට අයිතිය ප්‍රකාශ කරන තැනැත්තන් ඔවුන් එහි නිවාස ඉදි කරන බව පැවසුවත් සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා වී ඇතැයි කී ඇමතිවරයා නිවාස ඉදිකිරීමට බව කියමින් හෝටලයක් ඉදිකිරීම යනු නිලධාරින් හා වගකිව යුතු ආයතන නොමග යැවීමක් වන අතර එය බරපතළ වරදක් කියයි.