(නිමන්ති රණසිංහ)
දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සදහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී එන්නත් ලබා දෙන දරුවන් සදහා හැදුනුම්පත් අංකයක් නොමැති වීම පිළිබදව සාකච්ඡා වූ බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 දෙසැම්බර් 30 වන දින “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” ට ද මේ සම්බන්ධයනේ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද සදහන් වෙයි.
එහිදී ද ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුළත් හැඳුනුම්පත අවුරුදු 16දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත් සදහන් වෙයි.
මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුළ ඇතිවීම, ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකිවීම, දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම, දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිත කිරීම, සීමිත සම්පත් දරුවන් වෙත ලබාදීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීම දරුවන් සඳහා උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත

