(අතුල බණ්ඩාර)
මඩාටුගම,බරාවිල ප්‍රදේශයේදී හොරෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගැනීමට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකු එම ට්‍රැක්ටරයට යටකර පළාගිය රියදුරකු පසුව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සැරයන්වරුන් දෙදෙනා කැකිරාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මුලික රෝහලට යැවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මඩාටුගම , බරාවිල ප්‍රදේශයේ සිදුවූ බල අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යතුරුපැදි දෙකකින් එම ප්‍රදේශයට යද්දී වැලි පටවාගෙන එමින් තිබු ට්‍රැක්ටරය ඔවුන්ට හමුවී තිබිණි .ඒ අවස්ථාවේ ට්‍රැක්ටරය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් රියදුරාට අණ කළද එය නොතකා ඔහු ඉදිරියට ධාවනය කිරීම නිසා , මේ සැරයන්වරුන් දෙදෙනා යතුරුපැදියෙන් ට්‍රැක්ටරය ලුහුබැඳ ගොස් ඊට ඉස්සර කර නැවතත් නවත්තන්නට අණකර ඇත.
ඒ අවස්ථාවේ යතුරුපැදියේ සිටි සැරයන්වරුන් දෙදෙනා යටකරගෙනම ඉදිරියට ට්‍රැක්ටරය ධාවනය කර තිබෙන රියදුරා,සැරයන්වරුන් දෙදෙනා සමග යටවූ යතුරුපැදිය ට්‍රැක්ටරය යට හිරවීම නිසා , ට්‍රැක්ටරය එතැන දමා පළා ගොස් තිබිණි.
තුවාල ලබා සිටි සැරයන්වරුන් දෙදෙනා, අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේද rසහය ඇතිව කැකිරාව මුලික රෝහලට රැගෙනයාමට කටයුතු කර තිබු අතර, සිද්ධි වාර්තා වීමත් සමග කැකිරාව පොලිසියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් මඩාටුගම, සුදර්ශනගමදී රියදුරා සොයාගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

