
(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය විද්‍යාර්ථ මාවතේ නිවසක් තුළදී සැමියාගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ බව කියන බිරිඳ රෝහල් ගත කර ඇති බවත්, ප්‍රදේශයෙන් පලාගිය සැමියා ගිනි අවිය සමග අද(04) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
අනතුරින් ගෙල ප්‍රදේශයට බරපතල තුවාල සිදු වූ බිරිඳ (44) මේ වන විට නිකවැරටිය මූලික රෝහලේ ප්‍රරතිකාර ලබමින් සිටින බවද පොලීසිය සඳහන් කළේය.
නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙකු වන සැමියා (61) පෙර දින රාත්‍රියේ බිරිඳට වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නිවසින් පලා ගොස්,නිකවැරටිය ප්‍රදේශයේම ඔහුට අයත් ඉඩමක සැඟවී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර සැමියා සහ වෙඩි තැබීමට භාවිතා කළ බවට සැක කෙරෙන ගිනි අවිය නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

