(ඩයනා උදයංගනී)
විදේශ රටවලින් ආනයනය කරනු ලැබූ සුපිරි වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැමුන් අත්ට‍්‍රැක්ටර් සඳහා නිකුත් කරන ලද චැසි අංක යොදා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශය ඇතුළු එහි ඉහළ නිලධාරීන් සහ පොලිස් වංචා විමර්ශන ඒකකය පාර්ලිමේන්තු කෝපා කමිටුව හමුවට කැඳවා කරුණු විමසූ අවස්ථාවේදී මේ බව හෙළි වී ඇත.
වංචනික ලිපිගොනු ඉදිරිපත් කරමින් වාහන ලියාපදිංචි කිරීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව සිදුවීම හේතුවෙන් රජයට ආදායම් අහිමි වීම හා ජනතාව අපහසුතාවට ලක්වීම සැලකිල්ලට ගනිමින් මෙම පිරිස ඉකුත් දා එහි කැ`දවා තිබිණි.
එලෙස වංචනික අයුරින් ලියාපදිංචි කළ වාහන මෝටර් රථ ආඥා පනත අනුව රාජ සන්තක කිරීමේ කි‍්‍රයාවලියේ වර්තමාන තත්ත්වය දැනගැනීම ද මෙහි අරමුණක් විය.

