සැප වාහන 5 ක් රේගුවේ හිරවෙයි


(යොහාන් භාසුර)

මෝටර් රථ අමතර කොටස් යැයි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කරමින් ජපානයේ සිට නීති විරෝධීව ආනයනය කළ මිට්සුබිෂී ජීප් රථ හතරක් සහ සුබාරු වර්ගයේ කාර් රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවැසීය.

මෙම මෝටර් රට 5 රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමින් යුත් බව මේ වන විට ඇස්තමේන්තු කර ඇති බව එම නිලධාරියා අවසන් ඇස්තමේන්තුව ලබා ගනිමින් සිටින බවද සඳහන් කළේය. 

මෝටර් රථ අමතර කොටස් ලෙස ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කළ බහාලුමක් තුල ඉතා සූක්ෂ්ම ලෙස කෑලිවලට වෙන් කර මෙම මෝටර් රථ 5 ගෙනවිත් තිබූ බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.