(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම කුලසිරි කුමාරගේ මාවතේ නිවසක සඟවා තිබූ ලාෆ් ගෑස් සිලින්ඩර් පනහක් සමග අඹු සැමි යුවලක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .
ගෑස් සහිත කිලෝ 12.5 ගෑස් සිලින්ඩර් 30 ද , කිලෝ 5 ගෑස් සිලින්ඩර් 01 තිබූ අතර ඉතිරි සිලින්ඩර් 19 මීට පෙර අළෙවි කර තිබූ හිස් සිලින්ඩර් බව පොලිසිය කියයි .
ඉතා වැඩි මිළට ලාෆ් ගෑස් සිලින්ඩර් අලෙවි කරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි .