සැඟවූ රන් කල්පිටියේ කළපුවකින් මතුවෙයි


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකට වැඩි වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් කල්පිටිය තොරඅඩිය කලපුවේ ගිල්වා සඟවා තිබියදි සොයාගෙන තිබේ.

කල්පිටිය විජය නාවික හමුදා ආයතනයෙ නිළධාරින් විසින් සිදුකල විශේෂ සෝදිසියකදී  මේවා සොයා  ගැනිමට සමත්ව තිබු බව කියයි.

මෙම රත්‍රන් තොගය කිලෝ 4 ග්‍රෑම්ස් 740 ක ප්‍රමාණයක් තිබු බවත් කියයි.

නීති විරෝධි ලෙස ඉන්දියාවේන් රැගෙන ආ බවට සැක කරන මෙම රත්‍රන් තොගය නාවික හමුදා සෝදිසි කිරීම් හේතුවෙන් පසුව ලබා ගැනිමේ අරමුණින් කලපුවේ සඟවන්නට ඇතැයි නාවික හමුදාව පවසයි.

අදාල රත්‍රන් තොගය ආරක්ෂිතව පොලිතින් බැගයන් තුළ දමා කලපුවේ සගවා තිබු බවද කියයි.