(කේ බුද්ධික කුමාරසිරි)
ලිංගික අපයෝජන චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආදාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි පුද්ගලයෙකි
හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක විසින් සිදුකළ සිදු කළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි

