
(නිමන්ති රණසිංහ)
ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකටයුතු අන්දම්න් මෙසේ මියගොස් ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මාර්ගයක නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ මියගොස් සිටි 32 හැවිරිදි තරුණයෙකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කොලොන්නාවේ නිවසක් තුළ ගෙල වැලලාගෙන මිය ගොස් සිටි හතළිස් දෙහැවිරිදි අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
මෙම සිරුරු දෙක සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියන් වන කාන්චනා නෙරන්ජනී සිල්වා සහ රජීන්ද්‍රා ජයසූරිය යන මහත්මීන් අද (03) අදාල ස්ථාන වෙත ගොස් නිරීක්ෂණය කටයුතු සිදු කර ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ මරණයට පත්වී ඇත්තේ කොළඹ 14 පදිංචි දෙහිවලගේ දොන් තුසිත කුමාර සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත්තේ පී පී පෙරේරා මාවත කොලොන්නාව පදිංචි කළුආරච්චි ලලිත් ගාමිණී සම්පත් යන අයවලුන් බව පොලීසිය පවසයි.

