සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 7 ක්


රංජන් කස්තුරි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2019 විභාගය රටපුරා විභාග මධ්‍යස්ථාන 4987 කදී හෙට (2) ආරම්භ කෙරේ.

සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පාසල් අයදුම්කරුවන් 433,050 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 283,958 ක් ක් වශයෙන් මුළු අයදුම්කරුවෝ 717008 ක් පෙනී සිටිති.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී විශේෂ විභාග මධ්‍යස්ථාන කීපයක් ද ස්ථාපිත කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

රත්මලාන අන්ධ විද්‍යාලය, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය,මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය සහ නේපාලනයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම විභාග මධ්‍යස්ථාන වේ.