සාමාන්‍ය පෙළ විභාගය කල්යයි?


(යොහාන් භාසුර)

මැයි මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) කල්යෑම ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව මේ වන විට සති දෙකකින් ප්‍රමාද වී ඇති බව කී අමාත්‍යවරයා උත්තර පත්‍ර පරීක්‍ෂාව තව දුරටත් ප්‍රමාද වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.

විභාගය දෙකක් අතර මාස තුනක පමණ කාලයක් තිබිය යුතු බවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද එම කාලය ලැබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් කීය.