(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024-2025) සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය මේ මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීම නොවැම්බර් මස 5 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැති අතර මෙරටට පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
මෙම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වැඩි තොරතුරු 1911, 0112784208, 0112784537, 0112786616, 0112786200, 0112786201 සහ 0112786202 දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.