(අයි ආර් ඉන්දික)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුවකු ඥාති පිරිසක් සමග කුඹුක්කන් ඔයට දියනෑමට ගොස් දියේ ගිලි මියගොස් ඇතැයි ඔක්කම්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාලිගාවිල පුජාභුමිය ආසන්නයේ පදිංචි මොනරාගල රාජකීය විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබු ආර්. එම්. චිරන්ත දිල්ශාන් නැමති සිසුවෙකි.
තම පවුලේ ඥති හිතවතුන් සමග කුඹුක්කන් ඔයේ මිනිපුරගම පිහිටි බෙරලියමංකඩ ප්‍රදේශයට දිය නෑමට ගොස් ඇති අතර එහිදි මෙම අවාසනාවන්ත සිද්ධිය ට මුහණ පා තිබේ .

