සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වේ


(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත්  ජයසුන්දර මහතා පවසයි.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග  මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපෙක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා වට්ස්ඇප් මාර්ගයෙන් පිලිතුරු ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇතැයි ද  විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

තවද හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී  අපෙක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න ප්‍රතය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකු සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.

සීදුව ද්විස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපෙක්ෂකයන් පස් දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමේ සිද්ධියක් වාර්තා වූ බව ද විභාග කොමසිරිස් කීය.