සාගල මාතරින් කොළඹට


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව  සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ඒකමතිකව පත් කර තිබේ.

බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම කොළඹදී පැවැති අතර එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනුණි.

බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුලපන එක්සත් ජාතික පක්ෂ ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැති අතර එහිදී නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත්කර ගැනීම ද සිදු විය.