සා. පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජූලි 17ට පෙර එවන්න


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ  (2019), ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් ජූලි 17 වැනිදා හෝ ඊට පෙර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් සනත් බී පූජිත මහතා  පැවසුවේ, ලියාපදිංචි තැපෑලෙන් එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය  යුතු බවය.

https://www.doenets.lk/ වෙබ් පිටුවෙන් එම අයදුම්පත ලබාගත හැකිය.