
(අංජුල මහික වීරරත්න)
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය Siri Walt මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සාමය හා ප්‍රතිසන්ධානය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග, දේශපාලන ස්ථාවරත්වය, සත්‍ය ප්‍රතිසන්ධානය සදහා වු කොමිෂම ස්ථාපිත කිරීම, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික සමගිය හා ප්‍රති සන්ධානය සදහා පනත් කෙටුම්පත සම්මත කිරීම, ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කිරීම හේතුවෙන් අත් අඩංගුවේ පසුවන සිරකරුවන් පිළිබදව අදහස් මෙහිදී හුවමාරු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සංහිදියා වැඩ පිළිවෙළ, දේශපාලන ස්ථාවරත්වය පිළිබද සතුටු වන බව තානාපතිනිය මෙහිදී සදහන් කළාය.

