ස්වාමීන් වහන්සේලාට ගුටි බැට දෙන්න පොලිසියට අයිතියක් නෑ




(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමල විහාරයේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය

ඒ සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙන බවද ඔහු කීවේය. පොලිසියට ස්වාමීන් වහන්සේලාට ගුටි බැටදීමට අයිතියක් නැතැයි  පැවසූ විපක්ෂ නායකවරයා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය