ස්වාධීන පක්‍ෂ එකමුතුවේ සහය ඩලස්ට


(යොහාන් භාසුර)

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

වමිල් වීරවංශ මහතාගේ ද සහභාගිත්වයෙන් බොරැල්ල, කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නියෝජිතයෝ ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දක්වන බව පැවසූහ.