ස්පුට්නික් එන්නත් තොගයක් කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 50,000 ක් ඊයේ  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි .

රුසියාවෙන් ආනයනය කළ දෙවන එන්නත් තොගය මෙය වෙයි

කටුනායකට රැගෙන ආ එන්නත් තොගය විශේෂ අධි ශීතකරණ පහසුකම් සහිත ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ  ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .