ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ඉහළට


කොරෝනා වසංගතය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇත.

අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 567කි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉතාලියට පසු වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.

ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 18,056කි.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 172,541කි.

මේ අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ රජය මාර්තු 14 වැනිදා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ලොක්ඩවුන් සීමා පැනවීය. මේ වනවිට එම ලිහිල් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

අල්ජසීරා 

055