
( සුමිත් පොතුපිටිය)
බීලා එන්න එපා කීවැයි එළවළු කපන පිහියෙන් සිය සහෝදරියගේ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල , පාදාගොඩ , කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
නව අවුරුදු උදාවූ දින තවත් සහෝදරයෙකු සමග මැදියම් රැය වනතුරු මත්පැන් පානය කල දෙදෙනා තුවාල කාරියගේ නිවසට පැමිණ ඇති බවත් , එහිදී ඇය බැනවැදීමෙන් පසු මුළුතැන්ගෙයි තිබූ එළවළු කපන පිහිය ගෙන පිටට ඇන ඇති බවත් පොලිසිය කීය.
තුවාලකාරිය දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .

