සහාරාන්ගේ ගෝලයින් 8ක් අගෝ. 7 දක්වා රිමාන්ඩ්


(වසන්ත චන්ද්‍රපාල)
 
සහරාන් සමග ආයුධ පුහුණුව ලැබූ, දේශනවලට සහභාගී වූ, අධිකරණ නියෝගය මත දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලද සැකකරුවන් 14 දෙනෙකුගෙන් අටදෙනෙකු අගෝස්තු 7වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුනේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන් මහතා අද(25) නියෝග කළේය.
 
අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන්ව කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කර තිබේ.
 
මෙම සැකකරුවන්ගෙන් පස්දෙනෙකු සහාරන්ගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයින් වන අතර අනෙක් තිදෙනා අවි පුහුණුව ලැබූ පුද්ගලයින් බව පරීක්ෂණවලදි අනාවරණය වි තිබේ.
 
ඊයේ (24) සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් තිදෙනෙක් ඉදිරිපත් කළ  අතර සමන්තුරේ මහේස්ත්‍රාත් එම්.අයි.එම්.රිස්වි මහතා විසින් එම සැකකරුවන් අගෝස්තු 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එදිනම කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් තිදෙනෙක් ඉදිරිපත් කල අතර ඔවුන්ව අගොස්තු 7  දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කල්මුනේ මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
 
අම්පාර වැඩ බලන කොට්ඨාශ භාර පොලිස් අධිකාරි දර්ශණ සමන් සුරියආරච්චි මහතාගේ උපදෙස් මත අම්පාර මුලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ මෙහයවිමෙන් අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.පී.ගුණසේකර, උප පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසිංහ යන මහත්වරු මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.