සහ්රාන්ගේ හිතවතෙකුත් රඹෑවෙන් අල්ලයි


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම සහ තලාව උපුල් හේරත්)
 
ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් නැමැත්තාගේ ලඟම හිතවතෙකු අද (28) දින රඹෑව තල්ගස්වැවදි අත් අඩංගුවට ගත් බව මිහින්තලය පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්ගස්වැව, රඹෑව පදිංචි අබ්දුල් ලතිෆ් මොහොමඩ් සාහීර් (46) නැමැත්තෙකි.
අත් අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලිසියට බාරදී තිබේ.