සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්


(යොහාන් භාසුර)

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු  මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.