සහල් වැඩි මිලට වික්ක හතකට නඩු


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

සහල් වැඩි මිළට වික්ක බලංගොඩ, ඕපනායක හා වැලිගෙපොල යන ප්‍රදේශයන්හි වෙළද ආයතන 07 කට එරෙහිව නඩු පැවැරූ බව රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

රට පුරා සහල් හිඟයක් ඇතිවන බවට වැරදි මතයන් සමාජගත වෙමින් පවතින නිසා ජනතාව වැඩි වශයෙන් සහල් මිළදී ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාවයක් පවතින බවත් මේ නිසාම සමහර වෙළද ආයතන සහල් සඟවා තබා ගැනීමට උත්සහ දරණ අතර සමහර වෙළඳ ආයතන වැඩි මිළට සහල් විකුණන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සිදු කර තිබේ.

රජය මගින් 2022 මැයි මස 02 දින නිකුත් කර ඇති අංක 2278/02 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දේශීය සහල් විකිණිය හැකි උපරිම මිළක් නියම කර තිබෙන බවත්. ඒ අනුව දේශීය නාඩු සහාල් කිලෝවක් රුපියල් 220/= ටද, දේශීය සම්බා කිලෝවක් රුපියල් 230/- ටද, දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 260/- ටද ලෙස උපරිම පාලන මිළක් නියම කර තිබෙන බවයි.

එසේ තිබියදීත් දේශීය කීරි සම්බා කිලෝවක් ක් රුපියල් 300/- ටත් වැඩි මිළකට විකිණීමට සමහර වෙළද ආයතන කටයුතු කර ඇති බව මෙම වැටලීම් වලින් ආනාවරණය වන එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.