(කාංචන කුමාර ආරියදාස)
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මියගිය සහරාන් හසීම්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව නවතා එහි ඉඩම අදාල ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරිය භාරයට පැවරූ බව මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ. සි. එල්. මධුවන්ති මහත්මිය අද(10) පැවසුවාය.
සහරාන් හසීම්ට අයත් මෙම ගම්මිරිස් ඉඩමේ මුරකරු ඇතුළු තවත් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස කණ්ඩායම් යොදවා මෙහි ගම්මිරිස් අස්වැන්න නෙළා අලෙවි කර එක්තරා කණ්ඩායමකට මුදල් ලබාදෙන බවට ප්‍රදේශවාසීන් විසින් නගන ලද චෝදනාව ගැන විමසීමේදී ඇය මේ බව පැවසුවාය .
ග්‍රාම නිලධාරීවරියට මෙම ඉඩම බලා ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබියදී තවදුරටත් සූක්ෂම ලෙස කම්කරුවන් යොදවා එහි මුරකරු සහ ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු දේශපාලන පක්ෂයක උදකරුවකු එම වත්තේ ගම්මිරිස් කැඩීම තවදුරටත් සිදුකරගෙන යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ පිළිබධව වසම භාර ග්‍රාම නිලධාරිනියගෙන් අප විමසීමේදී කියා සිටියේ එම වත්තේ ගම්මිරිස් අසල්වැසියන් කඩන බවට තොරතුරු අනුව එය නැවතීම සඳහා තමන්ට උපදෙස් ලැබුනද ඉඩම තම භාරයට පවරා නැති බවය. එම ඉඩම ඉබ්‍රාහිම් නමැති අයකුගේ බවත් එහි මුරකරු ගම්මිරිස් අස්වැන්න නෙලා අයිතිකරුවන්ට මුදල් යවන බව කීවාය .
සහරාන් හසිම්ගේ දේපල අධිකරණ නියෝග මත තහනම් කර ඇති බවද ඉඩමේ ගම්මිරිස් අස්වැන්න දින කිහිපයක් තිස්සේ කණ්ඩායමක් නෙළමින් සිටින බව ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ පිළිබඳව මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ .සි . එල්. මධුවන්ති මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ මෙම දේපල සහරාන් හසීම්ට අයිති බව තහවුරු වී ඇතත් ලිඛිතව මෙම දේපළ රාජසන්තක කළ බවට තමා වෙත ලැබී නොමැති බවය. කෙසේවෙතත් මෙම ඉඩම පිළිබඳව ඉදිරි කටයුතු කුමක් සිදු කරන්නේද යන්න නීතිපතිවරයාගෙන් විමසා ලිපි යවා තිබෙන බවත් එතෙක් මෙම ඉඩමට කිසිම අයකුට ඇතුළු වීමට හෝ අස්වනු නෙලීමට ඉඩ නොදෙන ලෙස උපදෙස් ලබා දී ග්‍රාම නිලධාරිවරිය භාරයේ තබා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි ඇය වැඩිදුරටත් කීවාය.
ප්‍රදේශවාසීන් කණ්ඩායමක් මෙම ඉඩමේ ගම්මිරිස් අස්වැන්න නෙළන බවට ද තමාට පැමිණිලි ලැබී බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. මේ ඉඩම මාතලේ ප්‍රාදේශීය සභාවේ එකතු වන කුණු කසළ ඉවත් කිරීම සඳහා ද පසුගියදා මාතලේ ප්‍රිදේශීය සභාව මගින් යෝජනා ස්ථිර කරගෙන තිබිණි.

