සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ 64දෙනා යළි රිමාන්ඩ්


(ටී. එල්. ජවුෆර්ඛාන්)
 
ජාතික තව්හීද් ජමාත්  සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට  සැකපිට අත්අඩංගුවට ගත්  64 දෙනෙකු ඔක්තෝබර් 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්  මහාධිකරණ විනිසුරු  ඒ. සී. රිස්වාන් මහතා අද(26) නියෝග කළේය.

නුවරඑළිය ජාතික  තව්හීද් ජමාත් මූලස්ථානයේදී සහරාන් සමග ආයුධ පුහුණු ලබාගත් බවට මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 

අත්අඩංගුවට ගත් පිරිස කාත්තාන්කුඩියේ පදිංචිකරුවෝ වෙති.