(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවන් දෙදෙනකු අද (26) පස්වරුවේ දී දෙමෝදර දී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කොළඹ විශේෂ විමර්ශන අංශය පවසයි .
එම සිද්ධියෙන් අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.
පසුව මූලික ප්‍රතිකාරවලින් පසු පාසල් සිසුවාගේ අතබද්ධ කිරීම සදහා ඉක්මණින් කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය.
සරුංගල් යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු ආරවුලක් පසු මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් ඊට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අද (26) සවස මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

