( ගයාන් සූරිය ආරච්චි)
සරසවි සිසුවියකට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබඳතම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු විසිතුණ විසි හතර විසි පහ වයස් වල පසුවන මොරවක, රුක්ගහවිල, අලුත් තරම, ඉමදූව හා කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදෙන බවට 1997 දුරකථන අංකයට ලද තොරතුරකට අනුව සමනල වැව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ හතර වැනි වසරේ ඉගෙනුම් ලබන සිසුන් හය දෙනෙකු සමනල වැව පොලිසිය වෙත කැඳවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

