
(මනෝප්‍රිය ගුණසේකර)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කුලී පදනම මත වාහන ලබා ගෙන මණ්ඩලයට රුපියල් ලක්‍ෂ 35 ක අලාභයක් වන අන්දමට කටයුතු කළ බවට චෝදනා ලැබු හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය
අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය
2006 අගෝස්තු පළමුවැනිදා සහ 2007 ජූලි 31 වැනිදා අතර කාලය තුළ කොළඹදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයට පාඩුවක් වන බව දැන දැනම මණ්ඩලයේ භාවිතය සඳහා ගත් වාහන 03ක් සඳහා රුපියල් 34 82 000/-ක් වටිනා බදු අත්තිකාරම් වාහන හිමියන්ට මුදා හැරීමට කළ දැනුම් දීම හේතුවෙන් රජයට පාඩුවක් කිරිමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

