සමෘද්ධි සහනාධාර ලබා දීම ගැන විරුද්ධයි


(රංජිත් රාජපක්ෂ)                       

සමෘද්ධි සහනාධාර ලබා දීම පිළිබඳව තමන් තරයේ විරුද්ධ වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

මෛත්‍රී ගුණරත්න මහතා මේ බව කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයක් අමතමිණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා මෙසේ පැවැසීය.

සමෘද්ධි සහනාධාරය යම් කෙනෙකුට ලබා දෙන්නේ නම් එය එක් වසරක කාල සීමාවක් සඳහා ලබා දිය බවත් එම වසර තුළ සමෘද්ධි ලාභියාට නැගි සිටීමට නොහැකි නම් එම සමෘද්ධි සහනාධාර ලබාදීම නතර කළ යුතු බවත් ඒ මහතා කීය.

ජිවිත කාලයමට සහනාධාර ලබාදීම තුළින් රටක් සංවර්ධනය කළ නොහැකි බවත් සමෘද්ධි සහනාධාර සඳහා ලබාදෙන මුදල් රටේ සංවර්ධනය සඳහා යොදවන්නේ නම් ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් මීට වඩා සංර්ධනය කළ හැකි බවත් ආණ්ඩුකාරවරයා පැවැසීය.

මේ රටේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැඩ නොකරන රාජ්‍ය ආයතනයක් බවත් එම රාජ්‍ය ආයතනය වසා දැමිය යුතු බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.