සමෘද්ධි සහතිකපත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිසමෙන් හොරකම් කරලා


(චමිල් රූපසිංහ)

සමෘද්ධියේ හොරට පත්විම් දීම සඳහා සැකසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තුමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත්ත ද එය මැතිවරණ කොමිසමෙන් සොරකම් කර ඇති බව එස් බි දිසානායක මහතා පැවසීය.

එම ලිපි ගොනුවේ හොරට සමෘධිය දීම සඳහා හොරට සැදූ සහතික පත් විශාල ප්‍රමාණයක් ද පරණ දින යොදා පත්වීම් දීම සඳහා සැකසු පත්විම් ලිපි විශාල ප්‍රමාණයක් ද තිබූ බව දිසානායක මහතා කීය.

කිවුල්ළිඳ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී අද (31) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී දිසානායක මහතා මෙසේ පැවසීය.

සමෘද්ධි කොමසාරිස් ජනරාල් කරන වැඩේ නීතිවිරෝධි බවත් මේ සම්බන්ධව ඔහුට වගකීමට සිදුවන බවත් හෙතෙම කීය.

සමෘද්ධි ව්‍යාපාරය ආසියාවේ තිබෙන ශක්තිමත් ව්‍යාපාරයක් බවත් එය සෑදී ඇත්තේ දුප්පතුන්ගේ ලෙයින් දාඩිය මහන්සියෙන් හම්බකර ජනතාවගේ මුදල් වලින් සැදුම් ලත් සමෘධිය අග්‍රාමාත්‍යවරයා මේ රටේ සිටින ලොකුම ගිනිපොලී කාරයා වන දයා ගමගේ මහතාට බාරදී ඇති බවද ප්‍රකාශ කළේය.