සමෘද්ධි කළමනාකරු නිදන් හාරා මාට්ටු


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙ නිවසක් පිටුපස නිදන් සොයා කැණිම් කළ නිවෙස් හිමිකරු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව  වනාතවිල්ලුව පොලිසිය කියයි. 

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව සමෘද්ධි සංවර්ධන බැංකු කළමණාකරු ලෙස සේවය කරනු ලබන 59 හැවිරිදි නිවෙස් හිමියා හා නිදන් කැණිම සදහා කටයුතු කළ වනාතවිල්ලුව 16 කනුව ප්‍රදේශයෙ 20 හැවිරිදි තරුණ යකදුරේකු ඇතුළු කල්පිටිය, වනාතවිල්ලුව, පුත්තලම, සිරම්භිඅඩිය, යන අවුරුදු 40 51 ,59,61, සිමාවල සැකකරුවන් පිරිසක් බව කියයි.

මෙම කැණිම අඩි 20 කට ආසන්න ගැඹුරට සිදුකර ඇති අතර නිදන් කැණිම සිදුවු ස්ථානයෙ යකදුරා ඇතුළු පිරිස පොලිස් කණ්ඩායම අත් අඩංගුවට ගැනිම සිදුවන විටද කැණිම් සිදුවෙමින් තිබු බවත් එයට බිලි දීම සදහා කුකුලෙකු රැගෙන විත් තිබු අතර පුජා භාණ්ඩ,බුද්ධ ප්‍රතිමා හා කැණිම් සදහා යොදා ගැනිම සිදුකල උපකරණ රැසක්ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.